කලාපීය භෞතික සැලසුම් සකස් කිරීම

ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සහ සංවර්ධන වැඩසටහන් පළාත් හා ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාකාරී ව්‍යාපෘති බවට පරිවර්තනය කිරිම සඳහා අවශ්‍ය රාමුව පළාත් සහ ප්‍රාදේශීය මට්ටමේ බලධාරීන්ට සැපයීමට මෙන්ම ප්‍රාදේශීය සංවර්ධන මුලාරම්භයන් ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සහ වැඩසටහන්වලට අනුගත වන පරිදි ප්‍රතිසම්පාදනය සහ නියාමනය සඳහා කලාපීය භෞතික සැලසුම් අවශ්‍ය වේ. 2000 අංක 49 දරන නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන) පනතේ 5අ (ඈ) සහ (ඉ) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, දිවයිනේ පළාත් නවයම සඳහා සැලසුම් සකස් කිරීමට දෙපාර්තමේන්තුවට බලය පවරා තිබේ.

කලාපීය සැලසුම් කමිටුවේ සංයුතිය

  • පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සභාවතිවරයා විය යුතුය
  • පළාත් පාලන ආයතනය මගින් නිර්දේශ කරන ලද පළාත තුළ වූ එක් එක් පළාත් පාලන ආයතනයේ නියෝජිතයෙක්
  • පළාතේ දිසා ලේකම්වරු
  • නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයෙක්
  • මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහකාර මිනින්දෝරු අධිකාරිවරයකුගේ නිලයට පහළ නොවන නිලයක් දරන නිලධරයෙක්
  • මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජිතයයෙක්
  • ආර්ථික හෝ භෞතික සැලසුම්කරණය, පරිපාලනය, පරිසරය පිළිබඳ ක්ෂෙත්‍රයෙහි හෝ භෞතික සැලසුම්කරණයට අදාළ වෙනත් යම් ක්ෂෙත්‍රයක විශිෂ්ඨත්වයක් අත්කර ගෙන ඇති තැනැත්තන් අතුරින් අමාත්‍යවරයා විසින් නම් කරන ලද තිදෙනෙකුට නොවැඩි තැනැත්තන් සංඛ්‍යාවක්