ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය සහ සැලැස්ම සකස් කිරීම

2000 අංක 49 දරන නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන) පනතේ 5අ (අ), (ආ) සහ (උ) වගන්ති මගින් ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය සම්පාදනය සහ ජාතික භෞතික සැලැස්ම සකස් කිරීම සඳහා දෙපාර්තමේන්තුවට බලය පැවැරී ඇති අතර සහ ඒවායේ අවශ්‍ය වෙනස්කම් සඳහා කාලානුරූපව සමාලෝචන සිදුකිරීම දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරයක් වේ.

ජාතික භෞතික සැලැස්මේ විෂයපථය

2000 අංක 49 දරන නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන) පනතේ පොදු විධිවිධානවල පළමු කොටසේ 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ‘ඉඩම් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ සහ නියාමනය කිරීමේ, විධිමත් යටිතල පහසුකම් හා අවශ්‍යතා සුරක්ෂිත කිරීමේ, සහ ගෘහනිර්මාණමය, ඓතිහාසික හෝ සෞන්දර්යාත්මක වැදගත්කමින් යුතු ස්වභාවික හා ගොඩනගන ලද පරිසරය සහ ස්වභාවික විසිතුරු සංරක්ෂණය කිරීමේ පොදු පරමාර්ථය ඇතිව ගොඩනැගිලි ඇති හෝ නැති වුවද ඉඩම් සම්බන්ධයෙන් වූ ජාතික භෞතික නිර්මාණ ප්‍රතිපත්තියට අනුකූලව ආඥාපනත යටතේ ජාතික භෞතික සැලැස්මක් සකස් කරනු ලැබිය හැකිය.’

ජාතික භෞතික සැලසුම් සභාව සංස්ථාපනය

2000 අංක 49 දරන නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන) පනතේ පොදු විධිවිධානවල පළමු කොටසේ 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව (මෙහි මින් මතු “සභාව” යනුවෙන් සඳහන් කරනු ලබන) පහත දැක්වෙන පුද්ගලයන්ගෙන් සමන්විත ජාතික භෞතික සැලසුම් සභාවක් පිහිටුවනු ලැබිය යුතුය.

  • සභාපතිවරයා විය යුතු ආණ්ඩුවේ ප්‍රධානියා - අතිගරු ජනාධිපති
  • උපසභාපතිවරයා විය යුතු, ජාතික භෞතික සැලසුම් කිරීමේ විෂයය භාර අමාත්‍යවරයා
  • ආර්ථික ක්‍රම සම්පාදන විෂයය භාර අමාත්‍යවරයා
  • මුදල් විෂයය භාර අමාත්‍යවරයා
  • ඉඩම් විෂයය භාර අමාත්‍යවරයා
  • කෘෂිකර්මය විෂයය භාර අමාත්‍යවරයා
  • කර්මාන්ත විෂයය භාර අමාත්‍යවරයා
  • නිවාස විෂයය භාර අමාත්‍යවරයා
  • නාගරික සංවර්ධන විෂයය භාර අමාත්‍යවරයා
  • ප්‍රවාහන විෂයය භාර අමාත්‍යවරයා
  • මහා මාර්ග විෂයය භාර අමාත්‍යවරයා
  • වරාය විෂයය භාර අමාත්‍යවරයා
  • සිවිල් ගුවන් සේවා විෂයය භාර අමාත්‍යවරයා
  • වෙරළ සංරක්ෂණය විෂයය භාර අමාත්‍යවරයා
  • පාරිසරික විෂයය භාර අමාත්‍යවරයා
  • වන සංරක්ෂණය විෂයය භාර අමාත්‍යවරයා
  • සංචාරක කටයුතු විෂයය භාර අමාත්‍යවරයා
  • වාරිමාර්ග විෂයය භාර අමාත්‍යවරයා
  • බලශක්ති විෂයය භාර අමාත්‍යවරයා
  • සංස්කෘතික කටයුතු විෂයය භාර අමාත්‍යවරයා
  • පළාත් සභා විෂයය භාර අමාත්‍යවරයා
  • සැලසුම් ක්‍රියාත්මක කිරීමේ විෂයය භාර අමාත්‍යවරයා
  • සෞඛ්‍ය විෂයය භාර අමාත්‍යවරයා
  • සියලුම පළාත්සභාවල ප්‍රධාන අමාත්‍යවරුන්
    • ප්‍රධාන අමාත්‍ය, උතුරු පළාත් සභාව
    • ප්‍රධාන අමාත්‍ය, මධ්‍යම පළාත් සභාව
    • ප්‍රධාන අමාත්‍ය, උතුරු මැද පළාත් සභාව
    • ප්‍රධාන අමාත්‍ය, නැගෙනහිර පළාත් සභාව
    • ප්‍රධාන අමාත්‍ය, වයඹ පළාත් සභාව
    • ප්‍රධාන අමාත්‍ය, සබරගමුව පළාත් සභාව
    • ප්‍රධාන අමාත්‍ය, දකුණු පළාත් සභාව
    • ප්‍රධාන අමාත්‍ය, බස්නාහිර පළාත් සභාව
    • ප්‍රධාන අමාත්‍ය, ඌව පළාත් සභාව