ජාතික භෞතික සැලැස්ම පුළුල් අවකාශීය රාමුවක් සැපයීමට නියමිත බැවින්, ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කිරිම පිණිස තාක්ෂණික සහ පරිපාටිමය යන දෙයාකාරයේම සැකසුම් අවශ්‍ය වේ. තාක්ෂණික සැකසුම වන්නේ ජාතික භෞතික සැලසුම් පළාත් හෝ විශේෂයෙන් නම් කරනු ලැබූ කලාප සඳහා කලාපීය භෞතික සැලසුම් බවට පරිවර්තනය කිරිමයි.

පරිපාටිමය සැකසුම් ක්‍රියාත්මක කිරිම ක්‍රියාත්මක කිරීමේ අංශය මගින් සිදුකරනු ලැබේ. ඒ අනුව ක්‍රියාත්මක කිරීමේ අංශයට පහත දැක්වෙන කාර්යයන් පවරා තිබේ.

  • වැඩ සටහන් වාර්ෂිකව සමාලෝචනය කිරිම සහ ජාතික භෞතික සැලැසුම් සභාව දැනුවත් කර නිවැරැදි කිරීමේ ක්‍රියාමාර්ග ආරම්භ කිරිමට හැකිවනු පිණිස අවශ්‍ය මග පෙන්වීම ලබා ගැනීම.
  • ජාතික භෞතික සැලැස්ම ප්‍රකාරව සංවර්ධන කටයුතු සඳහා අරමුදල් වෙන්කිරීම ප්‍රමුඛතා ගත කිරීම පිණිස ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණය
  • එවැනි ව්‍යාපෘති ජාතික භෞතික සැලැස්ම සමග අනුකූල වන බවට සහතික කිරිම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය වැනි අදාල සංවර්ධන නියෝජිතායතන සමග සම්බන්ධීකරණය.