
පින්නවල නගර සංවර්ධන සැලැස්ම සකස් කර ඇත්තේ “ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේය. පින්නවල නගරය රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීයලේකම් කොට්ඨාශය තුළ පිහිටා ඇත. ප්‍රධාන ව්‍යාපෘති ලෙස හඳුනාගත් බස් නැවතුමක්, රථගාලක් සහිත සාප්පු සංකීර්ණයක්, බහුකාර්ය ගොඩනැගිල්ලක්, ළමා උද්‍යානයක්, පෙර පාසලක්,ක්‍රීඩාපිටියක් සහ පොළ සඳහා පහසුකම් සහිත ගොඩනැගිල්ලක් සඳහා සැලසුම් සම්පාදනය කරනු ඇත.
“ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ රාස්සගල නගර සංවර්ධන සැලැස්ම සකස් කර ඇත. රාස්සගල නගරය පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීයලේකම් කොට්ඨාශය තුළය. ප්‍රධාන ව්‍යාපෘති ලෙස හඳුනාගත් බස් නැවතුමක්, රථගාලක් සහිත සාප්පු සංකීර්ණයක්, බහුකාර්ය ගොඩනැගිල්ලක්, ත්‍රිරෝද රථගාලක්, ළමා උද්‍යානයක් සහ පුස්තකාලයක් සඳහා සැලසුම් සකස් කරනු ඇත.