ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම යාවත්කාලීන කිරීමේ ක්‍රියාදාමයේ මේ වන විට අපි නිරතව සිටින්නෙමු. රටේ අවකාශීය ව්‍යුහයට බලපාමින් විවිධ අංශවල ඇතිව තිබෙන වෙනස්කම්, ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය, වසංගත තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවය හේතුවෙන් සහ වත්මන්ම ජාතික භෞතික සැලැස්මට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු අන්තර්ගත කිරීම පිණිස ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව පැන නැගුණි.
පින්නවල නගර සංවර්ධන සැලැස්ම සකස් කර ඇත්තේ “ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේය. පින්නවල නගරය රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීයලේකම් කොට්ඨාශය තුළ පිහිටා ඇත. ප්‍රධාන ව්‍යාපෘති ලෙස හඳුනාගත් බස් නැවතුමක්, රථගාලක් සහිත සාප්පු සංකීර්ණයක්, බහුකාර්ය ගොඩනැගිල්ලක්, ළමා උද්‍යානයක්, පෙර පාසලක්,ක්‍රීඩාපිටියක් සහ පොළ සඳහා පහසුකම් සහිත ගොඩනැගිල්ලක් සඳහා සැලසුම් සම්පාදනය කරනු ඇත.
“ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ රාස්සගල නගර සංවර්ධන සැලැස්ම සකස් කර ඇත. රාස්සගල නගරය පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීයලේකම් කොට්ඨාශය තුළය. ප්‍රධාන ව්‍යාපෘති ලෙස හඳුනාගත් බස් නැවතුමක්, රථගාලක් සහිත සාප්පු සංකීර්ණයක්, බහුකාර්ය ගොඩනැගිල්ලක්, ත්‍රිරෝද රථගාලක්, ළමා උද්‍යානයක් සහ පුස්තකාලයක් සඳහා සැලසුම් සකස් කරනු ඇත.