Trinco5

"නැගෙනහිර පළාත් ප්‍රාදේශීය භෞතික සැලැස්ම - පාර්ශවකරුවන්ගේ වැඩමුළුව" ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින්

2022 සැප්තැම්බර් 20 වන දින නැගෙනහිර පළාතේ ප්‍රධාන ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ කළමනාකරණ සංවර්ධන පුහුණු

ඒකකයේ දී පවත්වනු ලැබිණි.

Trinco5 Trinco5

Trinco5 Trinco5

WhatsApp Image 2022 09 14 at 124345 PM 1

 

 

 

 

 

 

 

 

 

 

 

  •  2023 වසර සඳහාවන අයවැය යෝජනා පිළිබඳ විශේෂ සාකච්ඡාව..
  •  නවීන ලෝකයට ගැළපෙන පරිදි අයවැය යෝජනා සකසන්න...

                                                                                       

                                                                                 ඇමති ප්‍රසන්නගෙන් ආයතන ප්‍රධානීන්ට උපදෙස්

2023 වසර සඳහාවන අයවැය යෝජනාවල ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැත්විණි.

එම අමාත්‍යංශය යටතේ ඇති ආයතන 21 හිම ප්‍රධානීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර සිටියේ නවීන ලෝකයට ගැළපෙන පරිදි සකස් කළ අයවැය යෝජනා තම අමාත්‍යංශය මෙවර ඉදිරිපත් කළ යුතු බවය.

නව තාක්ෂණය සමඟ එක්ව කටයුතු නොකළහොත් රාජ්‍ය ආයතනවලින් නිසි ඵල ප්‍රයෝජන ගත නොහැකිවනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ, අරුන්දික ප්‍රනාන්දු මහත්වරුන්ද අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් රත්නායක ඇතුළු ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

WhatsApp Image 2022 09 14 at 124345 PM

03 01 2022

Preparation of Regional Physical Plan for Eastern Province by the National Physical Planning Department (NPPD) is commenced on 01st February 2022 at Governor’s Secretariat at Batticaloa with the participation of Hon. Governor of Eastern Province, Chief Secretary of Eastern Provincial Council, Director General NPPD, District Secretaries of Batticaloa, Trincomalee and Ampara many other officers of government institutions.

 

03 01 2022

 03 01 2022

   DH3A4921

 

  • ඇමති ප්‍රසන්න රාජ්‍ය අමාත්‍යවරුන්ට බලය පවරයි...
  • එකට එක්ව එක පවුලක් ලෙස වැඩ කරමු...
  • ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඇමතිවරු විදියට අපිත් කැප කිරීම් කරනවා...

                                                                                                 ඇමති ප්‍රසන්න රණතුංග කියයි.

තම අමාත්‍යංශයට පත්වූ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සහ අනෙකුත් නිළධාරීන් සමඟ එකට එක්ව එක පවුලක් ලෙස වැඩ කිරීමට තමන් සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (13) පැවසීය.

එක පවුලක් ලෙස වැඩකරන විට කේලම් කියා එකිනෙකා කෙටවීමට කිසිවකුට අවස්ථාවක් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ආයතන ප්‍රධානීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

එම අමාත්‍යංශය යටතේ ඇති ආයතන 21 හිම ප්‍රධානීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ. අලුතින් පත්වූ රාජ්‍ය අමාත්‍යවරුන්ට ආයතන ප්‍රධානීන් හඳුන්වාදීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණ.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අලුතින් පත්වුණ රාජ්‍ය අමාත්‍යවරුන්ට මම දැනටමත් ආයතන බෙදල දීල ඉවරයි. මම කොහොමත් වැඩ බෙදාගෙන කරන්න කැමති මනුස්සයෙක්. මේක අමාත්‍යංශ තුනක් නෙවෙයි. එක අමාත්‍යංශයක් බව හිතාගෙන අපි ඔක්කොම වැඩ කරමු.

බෙදිල වැඩ කරන්න එපා. බොහෝ තැන්වල වෙන්නේ ලේකම්වරු ඇතුළු නිළධාරීන්, ඇමතිවරුන් බෙදිල වැඩ කරන එකයි. ආණ්ඩු කඩාවැටෙන්න ඒක ප්‍රධාන හේතුවක්. ඒක නිසා අපිව කොටවන්න ලෑස්ති වෙන්න එපා. එහෙම ලේසියෙන් අපිව කොටවන්නත් බැහැ. අපි එක පවුලක් වගේ වැඩ කරල අනිත් අමාත්‍යංශවලට ආදර්ශයක් දෙමු. එකට එකතුවෙලා වැඩකරන කොට ප්‍රතිලාභ ලබන්නත් ‍ලේසියි. ඒ නිසා දැන් කතාව නවත්තල අපි ඔක්කොම එකට වැඩ කරමු.

එ වගේම සමහර නිළධාරීන් වැඩ කරන්නේ චක්‍රලේඛ පමණක්  පදනම් කරගෙනයි. චක්‍රලේඛ තියෙන්නේ වැඩ කරන්න මිස වැඩ නොකර ඉන්න නෙවෙයි. ඒක නිසා චක්‍රලේඛ මතම පදනම් නොවී වැඩ කරන්න පුරුදු වෙන්න. නැත්තං අපි ඔක්කොම අමාරුවෙ වැටෙනවා. හැබැයි මම වැරදි වැඩ කරන නිළධාරීන් වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ.

මෙතන විවිධ දේශපාලන මතිමතාන්තර තියෙන නිළධාරීන් ඇති. මට ඒව අදාළ නැහැ. මට අවශ්‍ය වැඩේ වෙන්න විතරයි. රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදීල ඉන්න වෙලාවක රාජ්‍ය ඇමතිවරු පත්කිරීම සමහරු දැඩිව විවේචනය කරනවා. කැබිනට් ඇමති විදියට මමත්, අලුතින් පත්වුණ රාජ්‍ය ඇමතිවරුත් ගන්නේ මන්ත්‍රී වැටුප විතරයි. අපි තියෙන වාහනම පාවිච්චි කරනව මිසක් අලුතින් වාහන ගත්තෙ නැහැ. කාර්ය මණ්ඩලය සීමා කළා. ඇමතිවරු ඔක්කොම කැපකිරීම් කරනවා. ඒ නිසා සමාජ මාධ්‍යයේ පළවෙන දේවල් විශ්වාස කරන්න එපා. දැන් වැඩ කරනව මිසක් අපිට ඒවට උත්තර දිදි ඉන්න වෙලාවක් නැහැ. 

මේ ආයතන බොහෝමයක් යැපෙන්නේ මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදලින්. දැන් අපි බලන්න ඕන මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැතුව ආයතන පවත්වාගෙන යන්නයි. අපි සාර්ථක වෙන්නේ එවිටයි. එහෙම නොවුනෙත් පවතින අර්බුද තවත් දැඩි වෙනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ, අරුන්දික ප්‍රනාන්දු මහත්වරුන්ද අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් රත්නායක ඇතුළු ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

03 01 2022

 

03 01 2022

Mr. Sirinimal Perera ,the Secretary of the Ministry of Urban Development and Housing has been visited the National Physical Planning Department on 3rd of Januarry 2022. That was a beginning of new working year with full of motivation and new guidance that given by his valuable speech.