ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කරන ලද ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම 2048 , 2023.06.17 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදි ගරු ජනාධිපති තුමාගේ සහභාගීත්වයෙන් රැස්වුණු ජාතික භෞතික සැලසුම් සභාව වෙත ඉදිරිපත් කරන ලදී.
එහිදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මහතා විසින් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
යාවත්කාලීන කළ ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය සහ සැලසුම - 2048 විධායක සාරාංශය පහත පරිදි වේ.
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් අදාල පාර්ශ්වකරුවන්ගේ හා විෂය ප්‍රවීණයන්ගේ අදහස් හා යෝජනා ලබා ගනිමින්, ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය සහ සැලසුම යාවත්කාලීන කිරීම සිදු කර ඇත. තව ද, විවිධ ආයතනවල යාවත්කාලීන කරන ලද ප්‍රතිපත්ති සහ සැලසුම්, කොවිඩ් -19 වසංගතයේ හා ආර්ථික අර්බුධයේ ප්‍රතිවිපාක සහ දේශගුණික විපර්යාස පිළිබඳව වෙනස්කම් අන්තර්-රාජ්‍ය සමුළුව මගින් 2021 වසරේ දී නිකුත් කරන ලද වාර්තාව පිළිබඳව ද මෙම යාවත්කාලීන කිරිමේදි අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවල නියැලෙන සහ නියැලීමට හැකියාවක් ඇති සියලුම ආයතන සඳහා රටේ භෞතික පරිසරයට සෘජුවම බලපාන, භෞතික පරිසරයේ සංවර්ධනයට ආනුශංගික වන යටිතල පහසුකම් සංවර්ධනයට අදාල වන පහසුකම්, සුවපහසුකම් හා සේවා ස්ථාපිත කිරිමට අදාල වන සංවර්ධන කටයුතු සිදු කිරිමට හා ක්‍රියාත්මක කිරිමට පුළුල් ජාතික මට්ටමේ මාර්ගෝපදේශ රාමුවක් සැලසීම ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තියේ ප්‍රධාන පරමාර්ථය වේ.
රටක භෞතික පරිසරය, එම රටේ ජනතාවගේ සෞඛ්‍යය, ධනය සහ බලය පිළිබිඹු වේ. සංවිධිතව නිර්මාණය වු, කාර්යක්ෂමව කළමනාකරණය වු හා සාධනීය ලෙස භාවිතා වන භෞතික පරිසරය, රටක ජීවනෝචිත බවටත්, ආර්ථික සමෘර්ධියටත්, දේශපාලන ස්ථාවරත්වය වැඩි කිරිමට හේතුවන බව මෙයින් විද්‍යාමාන වේ. එබැවින් හරිත ආර්ථිකයට පහසුකම් සලසමින් (“සැලසුම්ගත, තිරසාර සහ සෞභාග්‍යමත් ජාතියක්” යන දැක්ම ඇතිව) 2048දී සංවර්ධිත රටක් කරා යන ගමනේදී සැලසුම්ගත භෞතික සංවර්ධනය අත්‍යවශ්‍ය වේ.
ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය ප්‍රධාන සංරචක හතරකින් සමන්විත වේ.
1. සංවේදි හා සුවිශේෂි පාරිසරික ප්‍රදේශ සංරක්ෂණය කිරීම: සියලුම සංවර්ධන කටයුතුවල දී අනන්‍ය හා සංවේදි පාරිසරික පිහිටීම් (ජල සම්පත, ස්වභාවික පරිසර පද්ධති හා භූ දර්ශන) වල සංරක්ෂණය හා එහි තිරසරභාවය සහතික කිරීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගැනීම.
2. මිනිසුන් සහ අනෙකුත් ජීවීන්ගේ වාසය සඳහා හිතකර භෞතික පරිසරයක් නිර්මාණය: මානව ජනාවාස සැලසුම් කිරීමේ දී හිතකර දේශගුණික තත්ත්වයන්, ආපදාවලින් ආරක්ෂිත, මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා අත්‍යවශ්‍ය සේවා සහ සම්පත් ලබා ගැනීමේ හැකියාව අනුව මිනිස් වාසයට වඩාත් සුදුසු පරිසරයන් තෝරා ගැනීම.
3. පවතින සම්පත් හා පහසුකම් ප්‍රශස්ත ලෙස භාවිතය/උපයෝජනය: ආර්ථික ගැටළු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ප්‍රකාශ කරන ලද තිරසාර සංවර්ධන ඉලක්ක ඉටුකර ගැනීම යන කරුණු සැලකිල්ලට ගනිමින්, අනාගත සංවර්ධන ක්‍රියාකාරකම්වල දී සම්පූර්ණයෙන්ම නව ව්‍යාපෘතිවල කෙරෙහි නැඹුරු නොවි, පවතින සම්පත් හා යටිතල පහසුකම් ප්‍රශස්ත ලෙස උපයෝගි කර ගැනීමට වැඩි අවධානයක් යොමු කිරීම.
4. විභව සම්පත් ගවේෂණය හා භාවිතයන් වැඩි දියුණුව: විවිධ හැකියාවන්ගෙන් හා අධ්‍යාපන මට්ටම්වලින් යුතු මානව සම්පතක් පිහිටි ප්‍රදේශ, ස්වභාවික සම්පත් සංචිත, දර්ශනීය පිහිටීම් වැනි අනෙකුත් සම්පත් ඇති ප්‍රදේශ සහ විවිධාංගිකරණය වූ සංවර්ධනයක් සඳහා තරගකාරි වාසියක් ලබාගත හැකි ස්ථාන ගවේෂණය කිරිමට අවධානය යොමු කිරිම.
2048 යෝජිත ජාතික භෞතික සැලසුමේ ප්‍රධාන අංගවලට පහත දැක්වෙන දෑ ඇතුළත් වේ:
අ. පාරිසරික සංවේදී ප්‍රදේශ (මධ්‍යම, වෙරළබඩ සහ හුදකලා ප්‍රදේශ);
ආ. ආරක්ෂක ප්‍රදේශ ජාලය - (පරිසර, උරුම, වනාන්තර, ජලය, කෘෂිකර්මය ආදී වශයෙන් බෙදා ඇත);
ඇ. නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඒකරාශි වු කලාප, නිෂ්පාදන ප්‍රදේශ සහ දේශීය සහ අන්තර් ජාතික වෙළඳපල සම්බන්ධ කිරීම සඳහා යෝජිත ආර්ථික අක්ෂ;
ඈ. ජනාවාස ධූරාවලිය: බහුමාන වාණිජ නගර, ජාතික නගර, සම්බන්ධිත නගර, නාගරික මධ්‍යස්ථාන, නාගරික සාමුහිත සහ ග්‍රාමීය පොකුරු;
ඉ. සමුද්‍රීය සහ ජලජ සම්පත් සංවර්ධනය කිරීම.
ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම මගින්, රටේ සංවර්ධන අරමුණු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙන් ප්‍රධාන අංශ සඳහා වූ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග, ක්‍රියාත්මක කිරිමේ ආයතන, ඉලක්ක කාල රාමු හඳුනාගෙන ඇත. තව ද ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කිරිම සඳහා වන බාධාවන් හඳුනාගෙන එම බාධාවන් විසඳීම සඳහා වූ යෝජනා ද ඉදිරිපත් කර ඇත.
යෝජිත ජාතික අවකාශීය ව්‍යුහය - 2048
යාවත්කාලීන කරන ලද ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය සහ සැලැස්ම - 2048 ගරු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත ඉදිරිපත් කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා සහ කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2023.03.14 දින සෙත්සිරිපායේ පිහිටි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.
එම සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික භෞතික සැලැස්ම අවසන් අනුමැතිය සඳහා ලබන අප්‍රේල් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බවයි.
එම සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික භෞතික සැලැස්ම අවසන් අනුමැතිය සඳහා ලබන අප්‍රේල් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බවයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තවදුරටත් සදහන් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණු පසුව ජාතික භෞතික සැලැස්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා බවයි. අනතුරුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බවද ඔහු සඳහන් කළේය.
අනතුරුව ජාතික භෞතික සැලැස්ම පාර්ලිමේන්තුවට හා පාර්ලිමේන්තුවේ අමාත්‍යංශ උපදේශන කාරක සභාවට ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ප්‍රථමයෙන්ම මෙරට ජාතික භෞතික සැලැස්මක් සකස් කර ඇත්තේ 2007 වසරේදීය. පසුව 2019 වසරේදී එය යාවත්කාලීන කර තිබේ. ජාතික භෞතික සැලැස්ම -2048 හි තේමාව වන්නේ “සැලසුම්ගත තිරසාර සෞභාග්‍යමත් දේශයක්” යන්නයි.
විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරනු ලබන විද්වතුන්ගේ අදහස් හා යෝජනා ලබාගනිමින් ජාතික භෞතික සැලසුම් සකස්කෙරේ. මේ වනවිට සකස් කරමින් පවතින ජාතික භෞතික සැලැස්ම අන්තර් අමාත්‍යංශ ලේකම්වරුන්ගේ කමිටුවට ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගෙන ඇත.
ජාතික භෞතික සැලසුම් කමිටුවේ සභාපතිවරයා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එහි උපසභාපතීත්වය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් උසුලනු ලබයි. එම කමිටුවේ ලේකම්ධූරය උසුලනු ලබන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා විසිනි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මෙම ජාතික භෞතික සැලැස්ම වර්තමානයට ගැලපෙන පරිදි යාවත්කාලීන වියයුතු බවයි.
එම යාවත්කාලීන කිරීම සඳහා නිෂ්චිත කාලරාමුවක් සකසන ලෙසද අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
සංවර්ධන වැඩ සටහන්වලදී ඒ සඳහා ක්‍රියාත්මක ආයතන ඒකාබද්ධ කරගැනීම ප්‍රමාදවීම හේතුවෙන් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බොහෝවිට ප්‍රමාදවන අතරම මහජන පීඩාවන් ද ඇතිවේ. එමෙන්ම රජයන් වෙනස්වන විට ජාතික සැලසුම් වෙනස්වීම රටේ සංවර්ධනයට බාධාවකි. එමගින් රටෙහි දියුණුව අඩාලවේ.
නමුත් ජාතික භෞතික සැලැස්මේ නිර්දේශිත ප්‍රතිපත්ති හා සැලසුම් අනුව ක්‍රියාත්මක වීමෙන් සංවර්ධන සැලසුම් වඩාත් ඵලදායි වන අතර ජනතා අවශ්‍යතාවයන්ට විසඳුම් ලැබෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
ඒ අනුව රටේ සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන නාගරික සංවර්ධන, මහාමාර්ග, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, ප්‍රවාහන කේෂ්ත්‍රය ආදී සියලුම සංවර්ධන ක්‍රියාදාමයන් ජාතික භෞතික සැලැස්මේ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ අනුව සිදුකිරීම තුලින් වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික හා සමාජීය අර්බුද බොහෝ දුරට අඩුකරගත හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
එබැවින් රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන ලෙස සංවර්ධනය සිදුකිරීමටත් සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ හඳුනාගෙන සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහාත් මෙම ජාතික භෞතික සැලැස්ම ඉතා වැදගත් වන බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එබැවින් ජාතික භෞතික සැලැස්ම සකස් කිරීමේදී රටේ ජාතික සංවර්ධන වැඩපිළිවෙලට බාධාවක් නොවන පරිදි සකස් කිරීම පිළිබඳව අවධානය යොමුකරන ලෙසද ඔහු සඳහන් කළේය.
ඉදිරි වසර 25 සදහා ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික භෞතික සැලැස්මට නිර්දේශ ලබාගැනීම සඳහා අන්තර් අමාත්‍යංශ සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කෙරේ....
ලබන මාසයේදී ජාතික භෞතික නිර්මාණ සභාවට ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කිරීමට සූදානම් ...
ඉදිරි වසර 25 සදහා ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික භෞතික සැලැස්මට නිර්දේශ ලබාගැනීම සඳහා අන්තර් අමාත්‍යංශ සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කිරිම ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන පුහුණු ආයතනයේදී පසුගිය (18) වැනිදා සිදුවිය.
අමාත්‍යංශ 18 ක ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන් 9ක් හා රාජ්‍ය දෙපාර්තමේන්තු හතරක අධ්‍යක්ෂ ජනරාල්වරුන් සිව් දෙනෙකුගෙන් මෙම අන්තර් අමාත්‍යංශ සම්බන්ධීකරණ කමිටුව සමන්විතවේ.
මෙම අන්තර් අමාත්‍යංශ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිධූරය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දරනු ලබයි.
ජාතික භෞතික සැලැස්මට අන්තර් අමාත්‍යංශ සම්බන්ධීකරණ කමිටු නිර්දේශ ලබාගැනීමෙන් පසුව එය ලබන මාසයේදී ජාතික භෞතික නිර්මාණ සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එහි සභාපතීත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දරනු ලබන අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහි උප සභාපතීත්වය දරනු ලබයි.
ර
සඳහා ජාතික භෞතික සැලැස්මක් සකස් කිරීමේ බලය පැවරුණු ආයතනය වන්නේ ජාතික භෞතික දෙපාර්තමේන්තුවටය.
ඒ අනුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් 2000 අංක 49 දරණ පනත මඟින් සංශෝධිත 1946 අංක 13 දරණ නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනතේ විධි විධාන අනුව සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා ඒවායේ නව සැලසුම් හා ප්‍රතිපත්ති, විශ්ව විද්‍යාල ආචාර්යවරු හා වෙනත් විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් මෙම මෙම දළ ජාතික භෞතික සැලැස්ම සකස්කර ඇත.
ටේ සංවර්ධනයට දායක වන සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් මෙම දළ ජාතික භෞතික සැලැස්ම සකස් කර ඇත.
අපරට
සියලුම ආයතන සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී පුළුල් මඟපෙන්වීමක් ලබාදීම, ස්වාභාවික පරිසරය ආරක්ෂා කර ගැනීම, අවිධිමත් සංවර්ධනය පාලනය කරමින් සැලසුම් සහගත සංවර්ධනයක් ඇතිකිරීම, සංවර්ධන සැලසුම් පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිපත්තිමය රාමුවක් සකස්කිරීම, වඩාත් යෝග්‍ය ස්ථානයන්හි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආයෝජන යොමුකිරීම, දේශීය සහ විදේශීය ආයෝජනයන් සඳහා ආකර්ශණීය භෞතික පරිසරයක් සැකසීම ජාතික භෞතික සැලැස්ම සක්ස් කිරීමේ මූලීක අරමුණු වේ.
මෙය අනුමතවීමත් සමඟ ඉදිරි වසර 25ක කාලය තුළ අප රටේ සියලුම සංවර්ධන සැලසුම් සකස් කිරීම මෙම ජාතික භෞතික සැලැස්මට අනුව සිදුවනු ඇත.
එහිදී අදහස් දක්වමින් පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ අවිධිමත් සංවර්ධන කටයුතු පාලනය කරමින් සැලසුම් සහගත සංවර්ධනයක් තුලින් රටක තිරසාර සංවර්ධනය ඇති කිරීම සඳහා ජාතික භෞතික සැලසුමකට අනුව කටයුතු කිරීම අත්‍යාශ්‍ය බවයි.
සංවර්ධිත රටවල් ජාතික භෞතික සැලැස්මකට අනුව කටයුතු කිරීම නිසා සංවර්ධනයේ ප්‍රතිලාභ භුක්ති විඳින බවද ඔහු කීය.
ස්වාභාවික පරිසරය අභිබවා යන විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින වැඩිවන විවිධ ස්වාභාවික විපත්වලට මුහුණ දීමටත් ජීවිත හා දේපළ හානි සිදුවීම වළක්වා ගැනීමටත් ජාතික භෞතික සැලැස්මකට අනුව ක්‍රියාකිරීම ඉතා වැදගත් බවද ඔහු පැවසීය.
එමෙන්ම කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ.එම්.ටී ජයසුන්දර මහත්මිය සඳහන් කළේ ඉඩම් නිවරදිව කළමණාකරනය කිරීම තුලින් අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවිය හැකි බවයි.
ඉඩම් කළමණාකරණය සඳහා ඉඩම් අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ඉඩම් බැංකුවක් සැකසිය යුතු බවද ඇය සදහන් කළේය.
ප්‍රවාහාන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලියු.ආර් පේමසිරි මහතා සඳහන් කළේ දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද අවධානය යොමුකරමින් ජාතික භෞතික සැලැස්ම සකස් කළ යුතු බවයි. යම් හෙයකින් දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති වෙනස් කිරීමට සිදුවුවහොත් ඒ සඳහා වියදම් කළ මුදල අපතේ යනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
එමෙන්ම ජාතික භෞතික සැලැස්මකට අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළහොත් වසර 2050 වනවිට දකුණු කොරියාව මෙන් සියයට 60 වන ඝණතවයකින් යුතු රටක් බිහිකර ගත හැකි වනු ඇතැයිද ලේකම්වරයා පැවසීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලෙගම, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් ආර්.ඩබ්ලියු.ආර් පේමසිරි, පරිසර අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ජේ.එම්.ටී ජයසුන්දර, වැවිලි අමාත්‍යංශ ලේකම් බී.එල්.ඒ.ජේ ධර්මකීර්ති, සබරගමු පළාත් සභාවේ ලේකම් සුනිල් ජයලත්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එච් ගාමිණී හේවගේ, ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිනී රේණුකා එම්. වීරකෝන් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
Anuradhapura sacred city development committee meeting held on 05th October 2022, with Chaired by District Secretary (GA) and secretary by Director General of National Physical Planning department. Director General of National Physical Planning Department was presented by "Anuradhapura sacred City development plan" to Atamasthana maha thero and other relevant institutions.