03 01 2022

යාවත්කාලීන කරන ලද ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය සහ සැලැස්ම - 2048 ගරු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත ඉදිරිපත් කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා,  ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ‍ජනරාල් ගාමිණී හේවගේ මහතා සහ කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2023.03.14 දින සෙත්සිරිපායේ පිහිටි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.

 එම සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික භෞතික සැලැස්ම අවසන් අනුමැතිය සඳහා ලබන අප්‍රේල් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බවයි.

එම සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික භෞතික සැලැස්ම අවසන් අනුමැතිය සඳහා ලබන අප්‍රේල් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බවයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තවදුරටත් සදහන් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණු පසුව ජාතික භෞතික සැලැස්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා බවයි. අනතුරුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බවද ඔහු සඳහන් කළේය.

අනතුරුව ජාතික භෞතික සැලැස්ම පාර්ලිමේන්තුවට හා පාර්ලිමේන්තුවේ අමාත්‍යංශ උපදේශන කාරක සභාවට ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රථමයෙන්ම මෙරට ජාතික භෞතික සැලැස්මක් සකස් කර ඇත්තේ 2007 වසරේදීය. පසුව 2019 වසරේදී එය යාවත්කාලීන කර තිබේ. ජාතික භෞතික සැලැස්ම -2048 හි තේමාව වන්නේ “සැලසුම්ගත තිරසාර සෞභාග්‍යමත් දේශයක්” යන්නයි.

විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරනු ලබන විද්වතුන්ගේ අදහස් හා යෝජනා ලබාගනිමින් ජාතික භෞතික සැලසුම් සකස්කෙරේ. මේ වනවිට සකස් කරමින් පවතින ජාතික භෞතික සැලැස්ම අන්තර් අමාත්‍යංශ ලේකම්වරුන්ගේ කමිටුවට ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගෙන ඇත.

 

ජාතික භෞතික සැලසුම් කමිටුවේ සභාපතිවරයා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එහි උපසභාපතීත්වය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් උසුලනු ලබයි. එම කමිටුවේ ලේකම්ධූරය උසුලනු ලබන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා විසිනි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මෙම ජාතික භෞතික සැලැස්ම වර්තමානයට ගැලපෙන පරිදි යාවත්කාලීන වියයුතු බවයි.

එම යාවත්කාලීන කිරීම සඳහා නිෂ්චිත කාලරාමුවක් සකසන ලෙසද අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

සංවර්ධන වැඩ සටහන්වලදී ඒ සඳහා ක්‍රියාත්මක ආයතන ඒකාබද්ධ කරගැනීම ප්‍රමාදවීම හේතුවෙන් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බොහෝවිට ප්‍රමාදවන අතරම මහජන පීඩාවන් ද ඇතිවේ. එමෙන්ම රජයන් වෙනස්වන විට ජාතික සැලසුම් වෙනස්වීම රටේ සංවර්ධනයට බාධාවකි. එමගින් රටෙහි දියුණුව අඩාලවේ.

නමුත් ජාතික භෞතික සැලැස්මේ නිර්දේශිත  ප්‍රතිපත්ති හා සැලසුම් අනුව ක්‍රියාත්මක වීමෙන් සංවර්ධන සැලසුම් වඩාත් ඵලදායි වන අතර ජනතා අවශ්‍යතාවයන්ට විසඳුම් ලැබෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ඒ අනුව රටේ සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන නාගරික සංවර්ධන, මහාමාර්ග, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, ප්‍රවාහන කේෂ්ත්‍රය ආදී සියලුම සංවර්ධන ක්‍රියාදාමයන්  ජාතික භෞතික සැලැස්මේ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ අනුව සිදුකිරීම තුලින් වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික හා සමාජීය අර්බුද බොහෝ දුරට අඩුකරගත හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

එබැවින් රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන ලෙස සංවර්ධනය සිදුකිරීමටත් සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ හඳුනාගෙන සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහාත් මෙම ජාතික භෞතික සැලැස්ම ඉතා වැදගත් වන බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එබැවින් ජාතික භෞතික සැලැස්ම සකස් කිරීමේදී රටේ ජාතික සංවර්ධන වැඩපිළිවෙලට බාධාවක් නොවන පරිදි සකස් කිරීම පිළිබඳව අවධානය යොමුකරන ලෙසද ඔහු සඳහන් කළේය.03 01 2022WhatsApp Image 2023 03 15 at 112509

WhatsApp Image 2023 03 15 at 112505