01ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම යාවත්කාලීන කිරීමේ ක්‍රියාදාමයේ මේ වන විට අපි නිරතව සිටින්නෙමු. රටේ අවකාශීය ව්‍යුහයට බලපාමින් විවිධ අංශවල ඇතිව තිබෙන වෙනස්කම්, ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය, වසංගත තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවය හේතුවෙන් සහ වත්මන්ම ජාතික භෞතික සැලැස්මට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු අන්තර්ගත කිරීම පිණිස ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව පැන නැගුණි.