National Physical Planning Department

අප ගැන

අප ගැන

මෙහෙවර
ජාතික භෞතික ප්‍රතිපත්ති, සැළසුම් සහ උපාය මාර්ග සම්පාදනය සහ භූමියෙහි හා දේශ සීමා ජල තලයෙහි සාගර සිමාවෙහි ආර්ථික, සමාජයීය භෞතික හා පාරිසරික අංග ඒකාබද්ධව ප්‍රවර්ධනය සහ නියමානුකූල කිරීමේ ප‍රමාර්ථයෙන් යුතුව එබඳු ජාතික ප්‍රතිපත්ති සහ සැලසුම් කළාපීය හා දේශීය වශයෙන් සහතික කිරිම සහ ක්‍රියාත්මක කිරිම මෙහෙයවීම.
බලතල හා ක්‍රියාකාරීත්වය
ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවෙහි ක්‍රියාකාරීත්වය වන්නේ
ජාතික භෞතික සැළසුම් ප්‍රතිපත්තියක් සැකසීම
ජාතික භෞතික සැළසුමක් සැකසීම
ජාතික භෞතික සැළසුමක් සඳහා ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ගයක් සැකසීම
ප්‍රාදේශීය හෝ දේශීය භෞතික සැලසුම් කිරිමේ අධිකාරීන් විසින් අනුගත කරගනු ඇති භෞතික සැලසුම් උපදෙස් මාලා සැකසීම
ප්‍රාදේශීය හෝ දේශීය භෞතික සැලසුම් සැකසීම හෝ එසේ කිරීම සඳහා පළාත් සභා සහ පළාත් පාලන ආයතනයන් වෙත උපදෙස් සැළසීම
ජාතික භෞතික සැලසුම් කවුන්සලය වෙත පිළිගැන්වීම සඳහා ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තියකට අදාල සැලසුම් සමබන්ධ අන්තර්-අමාත්‍යාංශයීය සම්බන්ධීකරණ කමිටුවට නිර්දේශ ලබාදීම.
කළින් කළට ජාතික භෞතික සැළසුම් ප්‍රතිපත්තිය, ජාතික භෞක සැළැස්ම සහ ජාතික භෞතික සැළසුම් උපාය මාර්ගය සමාලෝචනය කිරිම සහ එබඳු ප්‍රතිපත්තියක, සැළැස්මක සහ උපාය මාර්ගයක වෙනස් වීමක් සම්බන්ධීකරණ කමිටුව වෙත නිර්දේශ කිරීම‍
ජාතික බෞතික සැළැස්ම ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම
ජාතික භෙූෟතික සැලසුම් කවුන්සලය සහ අන්තර් - අමාත්‍යංශයීය සමබන්ධීකරණ කමිටුව මගින් යොමු කරන පරිදි ඕනෑම ක්‍රියාකාරකමක් ඉටු කිරීම
  Copyright © 2011 | National Physical Planning Department. All Rights Reserved.
Developed in Association with Information and Communication Technology Agency of Sri Lanka
Last Update:
24-05-2016 05:04